උපනන්ද දින පොතින්….


2016.11.04 වන දා සිකුරාදා ……..

ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළාධාරී තුමන්ගේ සහභාගිත්වයෙන් 6,7 ශ්‍රේණි සිසුන් සදහා බෝ නොවන රෝග පිළිබද සම්මන්ත්‍රණයක් පැවැත්විම.

වයස අවුරුදු 13 න් පහළ සහ 11 පහළ පළාත් චෙස් තරගාවලිය සදහා සුදුසුකම් ලැබු කණ්ඩායම් සදහා විශේෂ චෙස් පුහුණු වැඩ සටහන.

2016.11.08 වන දා අඟහරුවාදා………

විද්‍යාලයීය ගොඩනැගිලි අළුත්වැඩියා කරමින්…….. අනවශ්‍ය ගස් කපා විද්‍යාල භුමියෙන් ඉවත් කරමින්……..

අ.පො.ස. (සා.පෙළ) සිසුන්ගේ විෂය දැනුම හා කුසලතා වර්ධනය සදහා පෙරහුරු අභ්‍යාස පත්‍රිකා මුද්‍රණය කරමින්….

img_0039

2016.11.09 වන දා බදාදා…….

අ.පො.ස.(උ.පෙළ) සිසුන් සිය කණ්ඩායම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්……

img_0047

පාසල් භූමිය පිරිසිදු කරමින්…….

2016.11.10 වන දා බ්‍රහස්පතින්දා……..

පුංචි අපේ සිගිති පොළ 6 සහ 7 ශ්‍රේණි වල දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම පොළ පැවැත්වුනා. මෙහිදී භාණ්ඩ වෙළදාම ගණුදෙනු කිරීම සිදුකරනුයේ සිය ජීවිත අත්දැකීම් සජීවී අත්දෑකීමක් ලෙසින් සැබෑම පොළකට ඔවුන් ප්‍රවිෂ්ඨ කරමින්. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඉහත ශ්‍රේණිවල ඉගෙනුම් පරිසරය 2017 වර්ෂය සදහා අලංකරණය හා ක්‍රමවත් කිරීම සදහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමයි.

2016.11.17 වන දා බ්‍රහස්පතින්දා … …

ප්‍රාථමික අංශයේ සිංහල දිනය මෙදින විද්‍යාලයීය ප්‍රධානශාලාවේදී පැවැත්වින. ආරාධිත අමුත්තිය ලෙස ගාල්ල කලාපයේ සෞදර්රය ගුරු උපදේශිකා ටී.දීගොඩ ගමගේ මහත්මිය සහභාගී විය. විද්‍යාලයීය විදුහල්පති තුමන්ගේ මග පෙන්වීම යටතේ මෙම උත්සවය ප්‍රාථමික අංශය සංවිධානය කරන ලදි.

 

This slideshow requires JavaScript.

අ.පො.ස.(සා.පෙළ) උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ සිංහල විෂය සම්මන්ත්‍රණය පවත් වමින්.

img_0075 img_0077

2016.11.18 වන දා සිකුරාදා…….

ප්‍රාථමික අංශයේ ඉංග්‍රිසි දිනය විද්‍යාලයීය ප්‍රධානශාලාවේදී උපනන්දයේ  වත්මන් විදුහල්පති දයානන්ද කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්  පෙ.ව. 9.00 පැයට පැවැත්වින. ප්‍රාථමික අංශයේ දු පුතුන්ගේ ඉංග්‍රිසි දැනුම හා ක්‍රියාකාරකම් දක්ෂතා වර්ධනය කරමින් කරලියට ගෙන ඒමට මෙගින්  අවස්ථාව උදාවිය.

Advertisements

චිරං ජයතු


උපනන්ද විද්‍යාලයේ නව විදුහල්පති තුමන් පසුගිය දින විද්‍යාලයේ විදුහල්පති ධුරයේ වැඩ ආරම්භ කරන ලදි. එතුමන්ට විද්‍යාලය නව මාවතකට ගෙන එමින් දු දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට හැකිවේවායි උපන්නද වෙබ් කණ්ඩායම, ආරචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපියන් හා සුභපතන්න් ප්‍රාර්ථනා කරමු.

හපන් කමට තෑගි ගෙනත්….. 2015


උපනන්ද විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2016.09.23 වන දා සිකුරාදා පෙ.ව. 9.00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙවර ත්‍යාග ප්‍රාදනය සදහා විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය දෙපලක් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වීමට නියමිතය. 2015 වර්ෂයේ විවිධ අංශ වලින් දක්ෂතා දැක්වූ දූපුතුන් 123 දෙනෙකු මෙහිදි ත්‍යාග වලට හිමිකම් ලබා තිබේ.

මෙවර ද ත්‍යාග ප්‍රදානෝත්සවය පහත සබැදිය ඔස්සේ ඔබට සජීවීව නැරඹීමේ අවස්ථාව විද්‍යාලයීය පරිගණක අංශය මගින් හිමිකර දීමට කටයුතු සංවිධානය කර ඇත.

උපනන්ද විද්‍යාලයිය ත්‍යාග ප්‍රදානය 2015 සජීවීව නැරඹිමට පිවිසෙන්න

http://www.ustream.tv/channel/65zP2EJqpwz

 

2016 පළමු වාර පරීක්ෂණය ඇරඹේ


උපනන්ද විද්‍යාලයේ ද්වීතීයික අංශයේ  පළමු වාර පරීක්ෂණය 2016 මාර්තු මස 28 වන දා සදුදා සිට ආරම්භ විය. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් මේ වන විට පරීක්ෂණය සදහා පෙනී සිටින අතර. ශිෂ්‍ය සාධන මට්ටම් පළමු වාරය අවසානයට පෙර ලබා දෙන බව ගරු විද්‍යාලයාධිපති තුමන් දැනුම් දෙන ලදි. ඒ අනුව මෙම වාර පරීක්ෂණයට අදාල ශිෂ්‍ය ප්‍රගති වාර්තා සටහන් 2016 අප්‍රේල් මස 8 වනදා ලබා දීමට නියමිතය.

ප්‍රාථමික අංශයේ පළමු වාර ඇගයීම් කටයුතු 2016 මාර්තු 30 වන දා සිට ආරම්භ කිරිමට නියමිත බව ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය විසින් දන්වා සිටින ලදි.

20160330_082437 (2)20160330_082606 (2)

මා පිය වන්දනාව


උපනන්ද විද්‍යාලයේ උසස් පෙළ අංශයේ 12 ශ්‍රේණියේ දු දරුවන්ගේ අනුග්‍රහයෙන් විද්‍යාලයීය 11,12,13 ශ්‍රේණි වල සිසුන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 21 වැනි සදුදා දින (2016/03/21) පෙ.ව. 9.00 සිට 11.00 දක්වා විද්‍යාලයී ප්‍රධාන ශාලාවේදී පැවැත්වින.

වැඩසටහන මෙහෙයවීම මාතර කෝට්ටේගොඩ ‍ශ්‍රී සුදර්ශ්‍රමාශ්‍රාධිපති මා පිය සම්භාවනා වැඩසටහන් නිර්මාතෘ රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන හිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලදි. එහිදී උන් වහන්සේ විසින් මා පියන් සිය දූ දරුවන්ට ඇති දැඩි ස්නේහය නිසාවෙන් සිදු කරන ඇතැම් ක්‍රියාවන් දරුවන් නොමගට යෑමට පාරාවලල්ලක් ලෙස ක්‍රියා කරන බව දේශනා කළේ උදාහරණයක් ලෙස සන්නිවේදනය සදහා දරුවන්ට ලබා දෙන ජංගම දුරකතනය දරුවාගේ විනශයට ම හේතු භුත වන අයුරු වදාළහ.

මේ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයකි.

කලු සහ සුදු


උපනන්ද විද්‍යාලයිය මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද ජායාරූප එකතුවක් පසුගිය දා විද්‍යාලය භුමියේ සංවිධානය කරතිබූ අයුරුයි මේ.

වාර්ෂික පිරිත් දේශනාව


වාර්ෂික පිරිත් පිංකම සහ සාංඝික දක්ෂිණාව පසු ගිය 5 වන දින සහ 6 වන දින (2015/11/ 5 – 6 ) දෙදින තුළදි පවත්වන ලද අතර එහි අවස්ථා කිහිපයක්…..

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

උපනන්දයේ මෑත ඉමේ සොදුරු අතීතය……. 2015 ඔක්තෝම්බරේ ……


ලෝක ළමා දිනය සැමරීම

ලෝකම ළමා දිනය අප පාසලටත් වෙනදා වගේම ලඟාවුනේ උපනන්ද දූ දරුවන්ගේ හපන් කම් එළි දක්වන තවත් එක් දියනයක් ලෙසිනි. මෙදින වීශේෂි වැඩ සටහන් අතර කාගේත් සිත් ගත්තේ උපනන්ද ගී තරුව තේරීමේ තරගයයි. මීට අමතරව සිසුන් සදහා තෑගී හා ක්‍රීඩා ඇතුලත් කරමින් වර්ණවත් දිනයක් උපනන්දය ගත කලේය.

SAM_1145 SAM_1146

ලෝක ගුරු දිනය සැමරීම

ලෝක ගුරුදිනය උපනන්දයට සුවීශේෂි දිනයක් ලෙසින් මෙවර සමරන්නේ උපනන්ද සිසු දරුදැරියන් ප්‍රමුඛව උපනන්ද ශිෂ්‍ය නායක මණ්ඩලය විසින්. පහත ඇත්තේ එහි විශේෂ අවස්ථා කිහිපයක්.

SAM_1134 SAM_1142 SAM_1148 SAM_1174

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීම

ඔක්තෝම්බර් මස 30 වන සිකුරාදා ආදි උපනන්දියන් විශේෂ ආරධිත අමුත්තන් ලෙසින් සහභාගී වෙමින් වත්මන් දු පුතුන්ගේ දක්ෂතා අගය කරමින්“ හපන්කමට තෑගි ගෙනැත්“ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඉතාමත් හරසරින් යුතුව පැවැත්වුනා.

P1110173 P1110155

12 ශ්‍රේණියේ එක් දින ක්ෂේත්‍ර චාරිකාව -පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලය නැරඹීම

දැනුම සමග විනෝදය ලබමින් අනාගත පරපුර වඩාත් නිවැරදි චින්තනයත් වින්දනයත් වෙනුවෙන් හුරු කිරීමේ අදිටනින් මෙවර උසස් පෙළ එක් දින ක්ෂේත්‍ර චාරිකාව සංවිධානය කළේ කන්ද උඩරට සංචාරය සහ පේරාදෙණිය සරසවියේ පුස්තකාලය නැරඹීම සදහායි. එහි විශේෂ අවස්ථා අප කැමරාකාචයේ සදහන් වූයේ මෙසේයි.

12074874_1507246716263160_257249537406882619_n 12191583_1507246549596510_4466500539240376388_n

6-8 ශ්‍රේණි දූදරුවන්ගේ දෙමාපියන් උදෙසා  මාර්ගෝපදේශනය පිළිබද වැඩමුළුව

වඩාත් ණැනවත් ගුණවත් දරු පරපුරක් අනාගතයට දායාද කිරීම උදෙසා අක්මීමණ ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂයාවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ මාර්ගෝපදේශන වැඩමුළුවක් සංවිධාන කර පැවැත්වින.

පිරිත් අහන්න එන්න………


උපනන්ද විද්‍යාලයීය  සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව නොවැම්බර් මාසේ 05 වන බ්‍රහස්පතින්දා රෑ පහන් වනතුරා පැවැත්වේ.

pitithjpg-1 pitithjpg-2

උපනන්ද විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය_2014


උපනන්ද විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය_2104 මෙවර තෑගි උළෙල 2015 ඔක්තෝම්බර් මස 30 වන දා සිකුරාදා පෙ.ව. 9.30 පැවැත්වෙන අතර එහිදී විද්‍යාලයීය කිර්තිමත් ආදි සිසුන්ගේ සුරතින් වත්මන් හපනුන්ට තෑගී ලබා දිම සිදුකෙරේ. ඒ පිළිබඳව සජීවීව අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබා දීමට විද්‍යලයීය වෙබ් කණ්ඩායම කටයුතු කරයි. සජීවීව සම්බන්ධ වීම සඳහා http://www.ustream.tv/channel/7jgxPVNeEXm දිගුවට පිවිසෙන්න.